Powered by Blogger.
RSS

පහු ගිය අවුරුද්ද....



මට මතක විදියට එදා 2011 දෙසැම්බර් 26,මගේ ජීවිතේට සුනාමි ආපු ඒ නපුරු දවස :/ ඒත් ඉතින් සුනාමියට හේතු සාධක වුණ භූමිකම්පාව සිද්ධ උනේ මගේ අතින්ම තමා,ඒ මම එක්සෑම් අනා ගනිපු නිසා :(


කොහොම උනත් මට ඒ අවුරුද්දෙ දෙසැම්බර් 24 නම් කවදාවත්ම අමතක වෙන්නෙ නම් නෑ.සෑහෙන්න ලස්සන ඉරක් පායල තිබ්බෙ එදා.මල් ගස් වල මල් පිරීලා.කුරුල්ලොත් හයියෙන්ම කෑ ගහල සින්දු කිව්වා.


ඒ ඔක්කෝම ලස්සන නැති උනානෙ ඉතින් 26 වෙද්දි :(


අළුත් අවුරුද්දත් පටන් ගත්තනෙ.ඒ 2012.තීරණයක් ගන්න බැරිව මාස ගාණක්ම එපාම කරපු ගන්ධබ්බ අවදියකුත් ගත කලා,එහෙට මෙහෙට වැනි වැනී.කොහොම කොහොම හරි පුංචි කාලෙ ඉදන් හිතේ තිබ්බ ටාගට් එක වෙනස් කරල දාන්න මම තීරණයක් ගත්තා.


වෙනස්ම පාරක වෙනස්ම විදියකට ඇවිදින විදියක් ගැන මම එදා ඉදන් හීන මැව්වා.ම්ම්ම්ම්ම්..මගේම පාරක්,වට පිට බැලූ බැලූ අත මල් පිපුන,සමනල්ලු ඉගිල්ලෙන වෙනස්ම තැනක් ඒක.මුලදි නම් කලින් පාරට වඩා හොදයි කියල හිත හදා ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට වුනාට ටික දවසක් යද්දි ඒ පාරෙ හොද තැන් ගොඩාක් මම හොයා ගත්තා.


ඒත් ඒ හීනෙ වැඩි දුරක් මට යන්න ලැබුණෙ නම් නැහැ.මගේ ගෙදර අය,නෑදෑ හිතමිත්‍රාදීන් ඔක්කොම කුමන්ත්‍රණයක් දියත් කරල මාව අයෙ පරණ පාරටම ඇදල දම්මෙ මම එපා කියල බෙරිහන් දෙද්දිමනෙ.අයියෝ සල්ලි :(


කොහොම උනත් මම ඒ පරණ පාරට අවෙ වැඩි ප්‍රසන්න හැගීමකින් නම් නෙමේ.එක පාරක් එපා උන දේකට අයෙ ආස වෙන්න කියල ඉල්ලන එක කොච්චර අසාධාරණයිද කියල මට දැන් තමා තෙරෙන්නෙ :(


අවුරුද්ද පටන් ගත්තෙම මහ භයානක නපුරු හැගීමකුත් එක්ක.සුන්දර දේවල් වලට වඩා මම ජීවිතේට කවදාවත්ම මුහුණ නොදීපු මහා භයානක සංසිද්දීන් තමයි වැඩිපුරම සිද්ධ වුණේ.ඒත් ඒ අතරෙ සොදුරු තැන් නැත්තෙමත් නැහැ.


හැමදේම වෙන්නෙ හොදටයි කියල හිත හදා ගන්නව ඇරෙන්න වෙන කරන්න නම් දෙයක් මට ඉතිරි වෙල තිබ්බෙ නැහැ.මොකද වැඩ් හරියක් දේවල් මම ස්ව උත්සාහයෙන් දා ගතිපු ලෙඩනෙ ;/ මයි කාර්,මයි පෙට්‍රල් නෙ නැද්ද.....


කොහොම කොහොම හරි,දින සති මාස ගණන් ගෙවුණා.මම එක්සෑම් එකත් ලියල දැම්ම.ගිය පාරට වඩා හොදයි වගේදත් මන්ද :) ලබන මාසෙ බලගතහැකි ;)


එක්සෑම් එකෙන් පස්සෙ අයෙම ජීවිතේ නන්නත්තාර වුණා වගේ දැනුණ.හපෝයි......කර කියා ගන්න බැරි තරමට එපා උනානෙ.ගෙදරට වෙලා ඉන්න ගියාම හොල්මන් බහු භූත මනසේ විකාර රූප මවන්න ගත්තා.පිස්සු නොහැදි බේරුනේ 99.9න් :O


සැප්තැම්බර් මාසෙ වගේ ඉදල මම පිනට දහමට සෑහෙන්නම ලැදි උනා.මහන වෙන අයිඩියා එකකුත් නොතිබුනාම නෙමේ.කොහොම හරි ගෙදර අය කරුණු කාරණා වටහල දීලා ඒ අදහසට කොමාවක් දැම්මනෙ :/

මේ අතරෙ මැහුම් ගෙතුම්,කේක් සැරසිලි වගේ වැඩ කරන්න පටන් ගත්තා.මගේම නිර්මාණයක් ඉවර කරල ලස්සන බලද්දි ජීවිතේ ඇත්තටම ලස්සනයි නේද කියල දැනෙන්න පටන් ගත්තා.හරි ශෝක්..... :)



මගේ මිත්‍ර සමාගම එක්ක බෙලි මල් දන්සල් දෙකක්ම දුන්නා පහු ගිය පෝය දෙකකදි.එකක් ගමේ එකක් කතරගම.අපිට මූණු පොතේ ඉන්න සැදහැවතුන්ගෙන් පවා සහයෝගය ලබුණා.හමෝටම පින් ඉතින්.දන්සලට ගෙනෑපු බිස්කට් හකුරු වගේ දේවල් වැඩිපුර අනුභව කලේ සංවිධායක මණ්ඩලේ අයමයි.වාහන නවත්තන්න කොඩි දාන අයගෙ ගිවිසුමට අනුව එක වාහනයකට බිස්කට් දෙක ගානෙ ඉල්ලුව.වෙන කරන්න දෙයක් නැතිම නිසා මම ඒකට එකග වුණා ඉතින් :( නැත්තම් මටනෙ වාහන වලට පනින්න වෙන්නෙ ඉතින් :(


කොහොම වුනත් ඒ විදියෙ දේවල් කරද්දි හිතට පුදුම සතුටක් දැනෙනව නේ.ඇත්තටම ජීවත් වෙනව කියන්නෙ ඒකයි කියල හැගෙන්න ගන්නව :) මන්දා මට නම් එහෙමයි

අවුරුද්දෙ අන්තිම නම් සතුටින් ගත කලා.පොඩි අයට ටියුශනුත් දෙනවනෙ මේ මම :) හි හී...ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි හා ඉතිහාසය.ඉතිහාසෙ නම් මටත් බෑ,පොත බලාගෙන කියවනව ගිරවෙක් වගේ.පොඩි එවුන් ටිකත් ඉතින් ඔහේ අහගෙන ඉන්නවා.මේ අතරෙ ඉදල හිටල කෙමෙස්ට්‍රි,පිසික්ස් දෙකත් කියල දෙන්න සෙට් වෙන අවස්ථා නැත්තේම නැහැ ඉතින්.ඒ වෙලාවට මා වැටෙන අමාරුව දන්නේ මා ම පමණි.කොහොම උනත් පොඩි අයට ටියුශන් දෙන වැඩේ නම් මරු.පිස්සු හැදිල ආයෙ හැදෙනව.පොඩියි කිව්වට සමහර ශිශ්‍යයො ටීචර්ට වැඩිය ලොකුයි.හි හී


ඔය මොනවා වුනත් සියල්ල සලකා බැලීමේදී පහු ගිය අවුරුද්ද මට එතරම් සුභදායක එකක් නම් උනේ නෑ.ඒත් එන අවුරුද්ද හොද වෙයි කියන බලාපොරොත්තුවෙන් මේ අවුරුද්දෙ සිද්ධ වුන නොවැදගත් දේ වලට සමු දෙමු නේද....


යහපත් සිතු පතුම් එලෙසින්ම ඉ‍ටුවෙන ලස්සනම ලස්සන සුභම සුභ නව වසරක් වේවා හැමෝටම!!!!පහු ගිය අවුරුද්දෙ අමිහිරි තැන් අමතක කරමු.අලුත් අවුරුද්ද හොදටම සැලසුම් කරමු.සුපිරියටම :)
අරුත්බර දේවල් ඉ‍ටුවෙන හොදම හොද දින 365ක්!!!! :)

Related Posts Plugin for WordPress, Blogger...
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 දෙනෙක් අදහස් කියලා:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

he heeee niyamai (Y) :)

Yasith Gamage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුභ නව වසරක් වේවා සුරංගනාවී...

ඈ... දැන් ඔය ළඟකදි ඉඳන් එන පිටසක්වල බලපෑම් වලටත් වග කියන්න ඕන ඔයාද ?

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Hiranthi Anjana

ස්තූතියි! හි හී

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ යසින්ත කොල්ලා...අනේ අම්මෝ මම නෙමේ

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!

සචිත් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරිම අපුරුවට ලියලා තියනවා සුරංගනාවි.. දිගු ගමන්කට සුබ පැතුම්... සුබම සුබ අලුත් වර්ශයක් වේවා....

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එසේම වේවා :)

Post a Comment