Powered by Blogger.
RSS

මිත්‍ර සමාගම


කාටත් රස කතන්දරයක් නොවන මුත් අතැමුන්ට රසවත් වෙවි යැයි සිතා ඉදිරිපත් කරමි.හුදෙක් අතිශෝක්තියෙන් ඉදිරිපත් නොකරමි.මේ මගේ එදා මෙදා තුර මා සමග විසූ මිත්‍ර සමාගම ගැනයි.

මා හට එදා මෙදා තුර අති විශාල මිත්‍රයන් පිරිසක් සිටි අතර,පාසල් මිතුරන්,හොස්ටල් මිතුරන්,ගාල්ලේ විශේශ හා අති විශේශ මිතුරන්ද ඒ හා වෙති.කාලෙන් කාලෙට වෙනස් වන මිතුරන් සේම සදා නොවෙනස් මිත්‍රයෝ ද ඒ අතර වෙති.මේසා මිතුරන් ‍රැසක් අතරින් මටම අති විශේශ වූ මිත්‍ර සමාගමක් පවතී.



සාමන්‍ය පරිදි මටද මගේ හොදම මිතුරා හා මිතුරිය යන දෙදෙනාම අම්මා වන අතර සිව් වනක් වූ සහෝදර සංග්‍රාමය ද අතිවිශේශ වූ තැනක් ගනී.ඔවුන් මිත්‍ර සමාගමේ ප්‍රධාන නිල දරුවන් වන අතර මා වඩාත් කුලුපගු වන්නෙ එහි සාමාජික පිරිසට කිවහොත් නිවැරදිය.


චූටි අයියා නොහොත් කවුරුත් දන්න හදුනන චානක එහි අති ප්‍රබලතම සාමාජිකයාය.මාගේ සියලු දුක්ඛ දෝමනස්සයන් අන් කාටත් වඩා හොදින් හදුනාගන්නේ ඔහුය.ඔහු ගැන මා මෙහිදී සදහන් කිරීමට නොයමි.මන්දයත් එසේ වුවහොත් මට මෙම ලිපිය හමාර කිරීමට බොහෝ කල් යයි.කෙසේ වුවද ඔහු ගැන දන්නෝ දනිති.



ලහිරු,මගේ කුඩා කල සිට අතිජාත මිත්‍රයා ලෙස සැලකීම නිවරදය.අපි දෙදෙනා අතර බැදීම එකදහස් නවසිය අනූ එක වසරේ ජුලි මාසය දක්වා විහිදේ.


දිල්මිනී ද අමතක කල නොහැකි ප්‍රබල සාමාජිකයෙකි.රස්තියාදුවේ යාමට නම් කියාපු තැනත්තාය.මා හට නොවහලා දැනමුතු කම් හා දිරි දෙන්නෝ ද ඕ තොමෝය.


හිරූ ද අති ප්‍රබල චරිතයකි,මාගේ මෙමරියේ හිඩ්න් ෆෝල්ඩර්ස් අතුලු එකී නොකී සියලු දෑ ඔහු දනී.


මිත්‍ර සමාගමේ අති පිස්සු චරිතයකි ලොකු දෝනී.ඇය හා මා සතු රස කතන්දර එමටය.කුඩා කල සිට තැඹිලි කඩීමට දක්ශය.නංගී සහ රුවන් අයියා ද අමතක කල නොහැක.සැපට දුකට ලග පාත සිටියේ නංගීය.ඩිලීශ්පොඩි අක්කා  මුතු අක්කා ලොකු අක්කා ද ඒ අතර වේ.ක‍ටු අක්කා ක‍ටු අයියා  රවිදු ද සෙව්  සදහන් කල යුතුමය. 



නමුත් වයසින් මුහුපුරා යාමත් සමග,තම තමන්ගේ අදාල පුද්ගලික කරුණු කාරණා හේතුවෙන් ඉහත කී සියල්ල මා හට නිතර මුණ නොගැසේ.එකතු වන්නේ එහෙමත් දවසක පමණි.

එහෙමත් දවසක්


එම නිසා දැන් මාගේ මිත්‍ර සමාගම නව සාමාජිකයන්ගේ ‍තෝ තැන්නකි.සාමාජික සංඛ්‍යාව හතකට අටකට වැඩි නොවේ.එහි සිටින වයස්ගතම නොහොත් නාකිම සාමාජිකාව මම වෙමි.ඊලග ප්‍රබල සාමාජිකයා ද මට වඩා වසර හතක් බාලය.අනෙක් උන් ඊටත් කුඩා වෙයි.



දැනට නවය වසරේ ඉගෙන ගන්නා පොඩි දෝණි නොහොත් හිත හොද බඩියා දැනට මාගේ ඩබල් අඹ මිතුරාය.අප දෙදෙනා එක් වී කරන හොර වැඩ අනන්තය අප්‍රමාණය.සිකුරාදා හවස කිරි කඩයට යෑම ඒ අතර ප්‍රධාන තැනක් උසුලයි.මේ කතාව අප දෙදෙනාගෙම නිවෙස් වලින් තවම හරි හැටියකට නොදන්නා බැවින් මෙහි රහස්‍යභාවය සු‍රැකීම ඔබ සතු වගකීමකි.



අප දෙදෙනාගේ නිවෙස් වලට මදක් ආසන්නයට වන සේ පොඩි කිරි කඩයක් පවතී.එහි හවසට ආප්ප සාදන අතර අප දෙදෙනා හවස් ජාමයට එහි ගොස් අප්ප හතරක් කා කිරි වීදුරු දෙකක් පානය කිරීමට පුරුදු වී සිටිමු.මෙය දැනට සිදු කෙරෙන්නේ සිකුරාදා දින වල පමනි.මන්ද යත් පොඩි දෝණිට පංති නැත්තේ එදාට පමණි.ඉදිරියේ දී මෙය දින තුනක් හෝ හතරක් වීමටද ඉඩ ඇත.නමුත් එය තීරනය වන්නේ මෙය කියවන ඔබගේ රහස් සු‍රැකීමේ හැකියව මත වන බවද ඉතා කාරුණිකව දන්වනු කැමත්තෙමි.


කිරි කඩේ කිරි නැන්දා ඉතා කරුණාවය.නමුත් සාදන ආප්පය නම් මදක් පොඩිය.වැඩි පුර ගෙනා කිරි ඉතිරි වූ දවසට අප දෙදෙනාට කිරි නොමිලයේ ද ලබා දෙයි.එදිනට අප දෙදෙනාට තවත් ආප්ප දෙක බැගින් කෑමට වාසනාව උදා වෙයි.



ඒ හැරුනු විට හත වසරේ ඉගෙනුම ලබන සල්කී සහ පියුමී ද මාගේ මිත්‍ර සමාගමට ඇතුලත් වූවෝ වෙති.පියුමීගේ නංගීද මා හා ඉතා කුලුපගුය.ඇය එක වසරේය.එසේම එක වසරේ සිටින ලිහාජ් සහ මන්සර ද අදාල වේ.නිතරම පාහේ අතේ බැදගෙන සිටින කඩදාසි වලින් නිර්මිත බෙන්10 ඔරලෝසු වලින් ඔවුන් හදුනා ගත හැක.


මන්දාර ද කෙසේවත් අමතක කල නොහේ.මා හා ඔහු අතර වයස් පරතරය වසර දොළහකට වඩා වැඩි නමුදු මට වඩා තෙගුනයක් පමන විශාලය.නිතර මා හා ඇන කොටා ගැනීම ප්‍රිය කරයි.


මිත්‍ර සමාගමේ කුඩාම සාමාජිකයා චූටි මල්ලීය.ඔහුට වයස තුනක් පමණි.කිසිදාක මට අක්කා නොකියයි.දු‍ටු තැන 'ආ...ශානී' කීමට අමතක නොකරයි.



මාගේ මිත්‍ර සමගමේ කුඩාම සාමාජිකායාට කලින් සාමාජිකයා විශේශ තැනක් ගනී.මා හට ඉතා ලැදි වන අතර "ඔයා මගේ චීස් කෑල්ල හෝ ඔයා මගේ පොල් රොටිය" ලෙස මා ඇමතීම සිදු කරයි.වයස හතරකි.කෙසේ වුවද පැයකට වඩා වැඩිපුර අසුරු කිරීමට සුදුසු චරිතයක් නොවේ.මද පමණින් භයානක වෙයි.


මාගේ මිත්‍ර සමාගමට ඉතා ආසාවෙන් පසුවන තවත් දෙදෙනෙක් වෙයි.ඒ තිජා සහ තංගල්ලේ නංගීය.තවම මිත්‍ර සමාගමේ සාමාජිකත්වය ලබා දීමට තරම් ඔවුන් දෙදෙනාම සුදුස්සෝ නොවෙති.මන්ද යත් දෙදෙනාටම තවම හරි හැටි කතා කර ගැනීමට හෝ නොහැක.



කෙසේ වුවද මාගේ කුඩා මිත්‍ර සහෘදයන්ට මා අතිශය ඇලුම් කරමි.සැබවින්ම ඔවුන්ගේ සිත් මල් වැනිය.ලස්සනය.නපුරුකමේ,ඉරිසියාවේ,කුහකකමේ සේයාවක් හෝ නොදු‍ටු ඔවුන්ගේ ලෝකය ඉතා සුන්දරය.මම ඒ සුන්දරත්වයට අතිශය ඇලුම් කරමි........



Related Posts Plugin for WordPress, Blogger...
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

14 දෙනෙක් අදහස් කියලා:

Yasith said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හප්පේ...... මාර පරම්පරාවක්නෙ ඉන්නේ. :P

සචිත් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාර පොස්ට් එක දිගු ගමනකට සුබ පැතුම්..

අහසෙ තරු සෙ සයුරෙ රල සෙ මිතු දම් පවති ලොව සැමදා //

හිරූ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ බං අක්කෙ පස්ටයිනෙ..කාගෙන්ද මෙහෙම ලස්සනට ලියන්න පුරුදු උනෙ.... මම හිරූ...

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හෙ හේ..එහෙම තමයි මල්ලී... :D

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තුතියි..මට වැඩිය ලියලා පුරුදු නැහැ. this is the 1st atempt :)

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ම්ම්ම්..අලේ මන්දා මලේ..

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

(Y) maru maru

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hih hih huuuuuuuuuuu thankuuuu

මානය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Waw... good...

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

thanx :)

මානය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Lassanaiy....

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

thanx :)

malith said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Woow nangi you have done it nicely....... just now saw that.. Im malith aiya...

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

thanx a lot ayye :)

Post a Comment