Powered by Blogger.
RSS

බතලයා....

අහෝ මං...........

වහිනවා සීතලයි


බඩගිනී නිදිමතයි


'හිටිය හැටි නම් හොදයි


දැන් ඔයා බත......ලයි'



ඇහෙනවා නිතරම

‍රැවෙනවා නොදැනිම


වැඩක් නොකරන මම


නිදනවා දවසෙම



දහයට ඇහැ ඇරේ

අම්මගේ අඩහැරේ


'පැටියෝ අලි ‍රැලේ


යනවද පෙරහැරේ'
 



සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ආදරණීය නෑනාට ලියමි....(නෑනා වැනුම-1)


දිග කොන්ඩෙ පිට මැදට
කැරලි කෙස් සුදු මුවට
මල් ගවුම ඇදි වතට
හිනැහෙන දෙතොල් රතට

කතා පවසන නයන
මියුරු ස්වර ගී ගයන
අයියාගෙ සුර අගන
නෑනා ලදකි සොබන

කට ටිකක් සැර ඇතී
‍රැවුම් ගෙරවුම් ගතී
මද නැතත් යහපතී
අයිය යහමග යතී

ආල බර කතාවක්
අවසනදි විවාපත්
ලෙස ගෙනා නෑන වත්
වුණි අපට අපේමත්

සුදු නංගි මා ඇගේ
චා‍ටු පවසන රගේ
ආදරේ දෙන අගේ
මගෙම අක්කා වගේ

ලද බොලද වදන්ය
පවසන්නෙ සෙමෙන්ය
ඈ ඉන්න ඉදිරිය
අයිය හා පැටියය

හැලි වලන් ගැටි කරේ
වැ‍ටුනමුත් ඉදහිට වෙලේ
අයිය නෑනා කෙරේ
ඇති සෙනේ නෑ වියැකුනේ

පනට පන මෙන් කිරි පැණී
දිවි ගෙවයි හරි සෙනෙහෙනී
මල් සිනා ඇගෙ මුවගිනී
නිවස සුර ලොව රස ගනී......................

සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පෙති පාන්

උපන් දා  පටන් අද දක්වාම මා වැඩිමනක් සිදු කර ඇත්තේ ගොන් වැඩ,බූරු වැඩ නොහොත් මැටි වැඩය.නුවණති වැඩක් මා අතින් සිදු වන්නේ එහෙමත් වෙලාවක පමණි.මෙයත් මා සිදුකල බූරු වැඩක් පිලිබද "රස"සටහනකි.මවිසින්ම "රස" යැයි පවසා ගත්ත ද එය ඔබට රසවත් වේ  දැයි මම නොදනිමි.හුදෙක් ස්ව තෘප්තිය  උදෙසා සටහන් තබමි.
සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

රුපියල් විස්ස

එදා අගහරුදාවක් විය.උදේ පටන් නොකඩවා ඇද හැලෙනා එහෙටත් නැති මෙහෙටත් නැති හිරිකඩ වැස්ස මුලු පලාතම පොගවා දමා තිබුනි.මා මාගේ ලොකු සහෝදර තැන සමග ඔහුගේ අලුතෙන් ඉදිවන නිවසේ සිට මා නිවස කරා පැමිණෙමින් සිටියෙමි.මද්දහන දෙකේ කණිසම පසු වී තිබුණ ද අදුර හාත්පස වෙලා තිබුණි.


"ට්‍රීං ට්‍රීං " අයියාගේ ජංගම දුරකතනය හඩන්නට විණ. 


"ම්ම්ම්ම්... ඕකේ..මම ඉක්මණින් එන්නම්"
ඔහුගේ හඩ මදක් කලබල කාරී විය..

"මෙතනින් මම ඔයාව බස් එකට දාන්නම්,,යන්න පුලුවණිනෙ..එහෙනම් ගිහින් කෝල් එකක් දෙන්න" 

මා වාහනයෙන් එලියට විසි වුණි.වාහනය හරවා හීයක වේගයෙන් ඉගිලී යන දෙස මා බලා සිටියේ අවිනිශ්චිත දෑසිනි :'( මා වැස්සේ නිරුදක විය.බසයක් කරා හෙමිහිට පිය නැගූ මට මුදල් සිහියට ආවේ එක්වනමය. :O
සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වැස්ස


පොල් අතු වහලයෙන් හීනියට බේරෙන හිරු කිරණ මට පෙනුනේ වෙනදාට වඩා ලා පැහැයෙනි.හිරු එලියේ සැර අද ටිකක් අඩු වී ඇති සැටියකි.අහසද වෙනදාට වඩා  අදුරු ය.වැහි ලිහිණියො පේලියක් අහසෙ රටා මවන්නට ද පටන් ගති.මා ඒ දෙස බලා උන්නේ ඉමහත් ආශාවෙනි.



මම හෙමින් සීරුවට ගොස් එලිපත්ත උඩ වාඩි ගත්මි.අහස දෙස මද වේලාවක් බලා සිටි මගේ දැහන බිදුණේ අම්මාගේ කට හඩිනි.'පොඩ්ඩියේ,අද නම් වැස්සක් එන්ට වාගෙ,කෝකටත් කියල ඔයි වී පදුර ගෙට ගනින්'
මම කිසිවක් නොකියා මිදුලට බැස්සේ අව්වේ වේලෙන්නට දමා තිබූ වී පැදුර ගෙතුලට ගැනීමටය.උදෑසන තිබූ ලා නිල් අහස් කුස සම්පූර්ණයෙන්ම පාහේ අදුරු යෝධ වැහි වලාකුලක් විසින් අරක් ගෙන තිබුණි.මේ හැම පෙරනිමිත්තක්ම කීවේ වැස්සක් ලග එන බැව්ය.ඒ බැව් වටහා ගත් මා සිත හීනියට රිදුම් දෙන්නට විය.



මාස ගණනකින් වැහි දියේ සලකුණකද නොදු‍ටු මහ පොලොවට නම් වැස්ස ආශිර්වාදයක්ම වනු නිසැකය.අප්පච්චීගේ හේන් කන්න දෙකකින් හරිහැටි වගා නොකෙරුනේ හරිහමන් වැස්සක් නැති නිසාවෙනි.මා සිට වූ රෝස ගස් පවා වැස්සට කැමති වනු බැව් නිසැකය.මා තුලද හීනි වැස්සකට කැමත්තක් තිබුනද කලින් වතාවක දී ඇදහලුනු වැස්සෙන් ඇති වූ ගං වතුරකින් සිදු වූ විපත මා සිතට තවමත් වද දෙයි.එනිසා හීනි පොදක් හෝ වැටෙනා විට මා සිත බියක් දක්වයි.

වී පැදුර අමාරුවෙන් තනිවම ගෙතුළට ඇදගෙන ගිය මම,වහලයේ සිදුරු අතරින් ගෙතුලට වතුර බේරෙන තැන් සදහා ජලය එක් ‍රැස් වීමට භාජන තැබීමි.අම්මා ද වැස්සට හොදින්ම සූදානම් වන බැව් පෙනුණි.'වැහි වැටුණොත් මේ කන්නෙදි වත් වගාව හොද වෙයි'අම්මා තනිවම මුමුණනු ඇසුණි.එලිපත්තේ වාඩි වී හිද මල්ලී මගේ සටහන් පොතක කොල කඩමින් කඩදාසි ඔරු සාදයි.කිසිවකුට හෝ පෙර වූ විපත මතකයේ නැති සැටියකි.එහෙත් මා සිත පමණක් තවමත් පීඩා විදින්නේ කුමක් නිසා ද යන්න හරි හැටි නොදනිමි..වැස්ස යන්නට මා සිත තුල ඇත්තේ වටහා නොගත හැකි බියජනක අරුතකි.



'මෙහෙ දෙනව,මගේ පොත නාස්තිකාරයා'මම මල්ලිගේ අතින් පොත උදුරාගෙන ගේ තුලට රිංගා ගතිමි.මල්ලී අඩාගෙන කුස්සියට දිව්වේ අම්මාට නඩුව කීමට බැව් දනිමි..

අබලන් වූ ජනෙල් කවුලුව තුලින් මා ඉවත බලාගෙන උන්නේ දෙගිඩියාවෙනි.සිතුවිලි සයුරක මා ගිලෙන්නට විය.එදා ජල ගැල්මෙන් අසරණව උන් හැටි මා සිත තිගස්සවයි.මා දෑස කදුලින් තෙත් වීමට වැඩි වේලා ගත නොවුණි..විනාඩියක් දෙකක් නොව පැය කිහිපයක්ම මම කදුලින් බර වූ නෙත් ඇතිව බලා හුන් අත බලා සිටින්නට ඇත.මා නැවත පිබිදුණේ අම්මාගේ හඩිනි'පොඩ්ඩියේ...පොඩ්ඩියේ.කෝ මේ ලමය' 'ඇයි අම්මේ'මම කෑ ගසීමි. 'වී පැදුර අයෙ අව්වට දාපං,වහින එකක් නෑ'



මම විගසින් එලියට දිව්වෙමි.අහස දෙස බැලුවෙමි.අම්මා පැවසූවේ සැබෑවක්මය.වැහි වලාකුළ පෙනෙන තෙක් මානයක හෝ නැත.වැහි නොදී එය ඈතටම ගොස්ය.ඈතටම..මා මුවට සියුම් සිනාවක් අවේ නොදනුවත්වමය.එහෙත් ඒ සිනාව අතර දැරීමට අපහසු දුකක්ද නොතිබුනාමත් නොවෙයි.


සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පාට පාට


මම යාන්තමට වගේ ඔලුව උස්සල ඇහක් අරල බැලුවා.සම්පූර්ණයෙන්ම අරල තිබ්බ ජනේලෙන් එලිය හොදට පේනව.ලස්සන දවසක්.ලා නිල් පාට අහස මවන්නෙ වෙනම චිත්‍රයක්.පාට පාට සීනියාස් මල් පේලියක් මාත් එක්ක හිනා වෙනවා.ගේ ඉස්සරහ එල්ලල තිබ්බ වී කරල් මිටියෙන් ගේ කුරුල්ලො ටික හොදට සප්පායම් වෙනවා.අපෝයි මෝඩ කුරුල්ලො,වී ඇටයක තරම්වත් මොලයක් නැද්ද මන්ද,ඕකෙ වී ඇට හැම තැනම විසිරුනාම මම එපාය පිහිදන්න :/


ඔලුව පොඩ්ඩිත්තක් කරකවල බැලුවා,මම ඇද ඇද හිටපු සමනල්ලු ජෝඩුව එතනටම වෙලා ඉන්නව බකමූණො දෙන්නෙක් වගේ මගෙ දිහා බලාගෙන.එකෙක් නම් හොද පාටට හැඩට ඉන්නව.අනෙකගෙ පිහා‍ටුවේ බාගයයි.නොම්මර තුනේ පින්සලත් නිල් පාට තීන්ත එක්ක ගල් ගැහිල එතනටම වෙලා මා දිහා රවල වගේ බලගෙන ඉන්නෙ හරියට 'තමුසෙගෙ වැඩ කිසි කමකට නෑ' කියන්න වගේ :( තීන්ත ටියුබ් ටිකත් එයාලට කැමති කැමති තැන් වල.. අලු පාට තීන්ත එක ඉවර වෙලා..මම හිටියෙ ඒ පාටින් සමනළ පිහා‍ටුවේ බෝල බෝල ටිකක් ඇදල දාන්න.ඒත් ඉතින් මොනව කරන්නද....හ්ම්ම්ම්ම්.. :(


පු‍ටුව පොඩ්ඩක් පස්සට කරගෙන කණ්ණාඩියෙන් මූණ ටිකක් බැලුව.මූණ පුරා නිල් පාට තීන්ත.අපෝ හැටි.හැබැයි ඒකෙත් පොඩි ආර්ට්1ක් නැත්තෙමත් නෑ වගේ...මම අයෙමත් හිස් අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා.

ඊයෙ තිබ්බ අදුරු පාට වැහි වලාකුලු අද අහසෙ තිබ්බෙ නෑ,අහස පැහැදිලියි,වලාකුලු තිබ්බමත් අහස ලස්සනයි,ඒත් වලාකුලු නෑ කියල ඒකෙ අඩු පාඩුවකුත් නෑ වගෙයි මට නම් පේන්නෙ..මගේ ජීවිතෙත් හරියට ඒ ලා නිල් පාට අහස වගේ.පුදුම හිස් බවක් දැනෙන්නෙ....ම්ම්ම්ම්..ඒ උනාට ඉතින් ඒකෙ ලස්සනක් නැත්තෙමත් නෑ කියලත් හිතෙනවා..




පීක් පීක්...ම්ම්ම්ම්,කව්ද ඒ..මම ජනේලෙන් පොඩ්ඩක් බෙල්ල දාල බැලුව.හපොයි පියුම් මාමගෙ දඩු මොණරෙ..නැගිටින්න කම්මැලී.මම ගොලුබෙල්ලෙක් වගේ අයෙ මේසෙට ඔලුව තියාගත්තා.අම්මා බලනව නැතෑ....'කව්ද කියල බලන්න ළමයෝ,ලියුම් වෙන්නති' :/ අර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙන්නැති නෙමේ ඔව්.මම නිකන් රතු ඉන්දියානු ගෝත්‍රිකයෙක් වගේ මූණ පුරා පාටත් උලාගෙන පියුම් මාම දිහෑවට දිව්ව.'මොකෝ දරුවො මේ හැමතැනම පාට' එයාටත් ඔනෙ නැති දෙයක් නෑ :/ මට කොහොමත් එයාව ටිකක් ඇලජික්.ඇයි එයා මට කියනවනෙ,'මේ දූ හැමදෑම එකම ප්‍රමාණෙ.ලොකුවෙන්නෙම නෑ' :/ 'ඉතින් ඔහෙට මොකෝ'..කිඅල අහන්න කටට එන වෙලාවල් නැත්තෙමත් නෑ ඉතින් මට.ආත්ම ගෞරවය කියන එක ‍රැක ගෙන ඉන්නව ඉතින් මම.මට නැති උනාට ගෙදර මිනිස්සුන්ට තියනවනෙ ඉතින් ඒක වැඩිපුරත් එක්ක...මම ලාවෙන් හිනා වෙලා අයෙ ගේ ඇතුළට අඩි මැන්නා.

අද නම් ටිකක් හොදයි වගේ,,බිල් පත් කිසිවක් නැ,,ම්ම්ම්ම්..රට ලියුමක්,තිබ්බෙ මගේ නමට.. :D පොඩි කාලෙ තිබ්බ පිස්සුවට මම ඉතින් සුද්දොන්ට ලියුම් ලිව්ව.එයින් එක්කෙනෙක්ගෙන්..ලන්දේසි කාරයෙක්.. :/ මට ඒක කියවන්න කිසි ඕනකමක් හිතට අවෙ නෑ :( ලියුම කනප්පුව උඩට විසිකරලා මම අයෙ මගේ කාමරේට රිංග ගත්තෙ අර මෝඩ සමනලයගෙ ඉතිරි පිහා‍ටුව ඉවරයක් කරල දාන්න.ඒත් මට ඒකෙ පාට ගලප ගන්න තේරෙන්නෙම නෑ.මම ආයෙ නිල් අහස දිහා බලාගෙන හිටියා.ඒක හිස් බැල්මක්,හරියට මූකලං බස්සෙක්ගෙ වගේ,,ඒත් මනසට සිතුවිලි ගලාගෙන අවෙ හරියට මහා ජල ගැල්මක් වගේ.....හ්ම්ම්ම්ම්... :: 




 ඊයෙ වගේ අලු පාට වැහි වලාකුළක් ඇවිත් වැස්සක් වැටෙනව නම්...කොච්චර හොදයිද...මටත් පිස්සෙක් වගේ ඒ වැස්සට තෙමෙන්න තිබ්බ.හෙම්බිරිස්සව හැදෙන එක වෙනම කතාවක්,,ඒත් ඒක හරිම ශෝක්.. :) හචිං යනකොට කොත්තමල්ලි තම්බල දෙන්න අයත් ඉන්නවනෙ..:)ඒත් අද වැහි වලාකුල ඇත්තෙම නෑ වගේ..අහස හොදටම පැහදිලී.දිලිසෙන ලා නිල් පාටක් තියෙන්නෙ.අලු පාටට වඩා නිල් පාට හොදයිදත් මන්ද..කොච්චර බලාගෙන හිටියත් අද නම් වැස්සක් එන ලකුණක්වත් නෑ.ඊයෙ තිබ්බ වැහි වලාකුල ඈතටම ගිහින් වගේ..හ්ම්ම්ම්ම්ම්ම් 





ඒත් ඉතින් අයෙ වහීවි :)



සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මම යාන්තමට වගේ ඔලුව උස්සල ඇහක් අරල බැලුවා.සම්පූර්ණයෙන්ම අරල තිබ්බ ජනේලෙන් එලිය හොදට පේනව.ලස්සන දවසක්.ලා නිල් පාට අහස මවන්නෙ වෙනම චිත්‍රයක්.පාට පාට සීනියාස් මල් පේලියක් මාත් එක්ක හිනා වෙනවා.ගේ ඉස්සරහ එල්ලල තිබ්බ වී කරල් මිටියෙන් ගේ කුරුල්ලො ටික හොදට සප්පායම් වෙනවා.අපෝයි මෝඩ කුරුල්ලො,වී ඇටයක තරම්වත් මොලයක් නැද්ද මන්ද,ඕකෙ වී ඇට හැම තැනම විසිරුනාම මම එපාය පිහිදන්න :/

ඔලුව පොඩ්ඩිත්තක් කරකවල බැලුවා,මම ඇද ඇද හිටපු සමනල්ලු ජෝඩුව එතනටම වෙලා ඉන්නව බකමූණො දෙන්නෙක් වගේ මගෙ දිහා බලාගෙන.එකෙක් නම් හොද පාටට හැඩට ඉන්නව.අනෙකගෙ පිහා‍ටුවේ බාගයයි.නොම්මර තුනේ පින්සලත් නිල් පාට තීනත එක්ක ගල් ගැහිල එතනටම වෙලා මා දිහා රවල වගේ බලගෙන ඉන්නෙ හරියට 'තමුසෙගෙ වැඩ කිසි කමකට නෑ' කියන්න වගේ :( තීන්ත ටියුබ් ටිකත් එයාලට කැමති කැමති තැන් වල.. අලු පාට තීන්ත එක ඉවර වෙලා..මම හිටියෙ ඒ පාටින් සමනළ පිහා‍ටුවේ බෝල බෝල ටිකක් ඇදල දාන්න.ඒත් ඉතින් මොනව කරන්නද....හ්ම්ම්ම්ම්.. :(

පු‍ටුව පොඩ්ඩක් පස්සට කරගෙන කණ්ණාඩියෙන් මූණ ටිකක් බැලුව.මූණ පුරා නිල් පාට තීන්ත.අපෝ හැටි.හැබැයි ඒකෙත් පොඩි ආර්ට්1ක් නැත්තෙමත් නෑ වගේ...මම අයෙමත් හිස් අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා.

ඊයෙ තිබ්බ අදුරු පාට වැහි වලාකුලු අද අහසෙ තිබ්බෙ නෑ,අහස පැහැදිලියි,වලාකුලු තිබ්බමත් අහස ලස්සනයි,ඒත් වලාකුලු නෑ කියල ඒකෙ අඩු පාඩුවකුත් නෑ වගෙයි මට නම් පේන්නෙ..මගේ ජීවිතෙත් හරියට ඒ ලා නිල් පාට අහස වගේ.පුදුම හිස් බවක් දැනෙන්නෙ....ම්ම්ම්ම්..ඒ උනාට ඉතින් ඒකෙ ලස්සනක් නැත්තෙමත් නෑ කියලත් හිතෙනවා..

පීක් පීක්...ම්ම්ම්ම්,කව්ද ඒ..මම ජනේලෙන් පොඩ්ඩක් බෙල්ල දාල බැලුව.හපොයි පියුම් මාමගෙ දඩු මොණරෙ..නැගිටින්න කම්මැලී.මම ගොලුබෙල්ලෙක් වගේ අයෙ මේසෙට ඔලුව තියාගත්තා.අම්මා බලනව නැතෑ....'කව්ද කියල බලන්න ළමයෝ,ලියුම් වෙන්නති' :/ අර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙන්නැති නෙමේ ඔව්.මම නිකන් රතු ඉන්දියානු ගෝත්‍රිකයෙක් වගේ මූණ පුරා පාටත් උලාගෙන පියුම් මාම දිහෑවට දිව්ව.'මොකෝ දරුවො මේ හැමතැනම පාට' එයාටත් ඔනෙ නැති දෙයක් නෑ :/ මට කොහොමත් එයාව ටිකක් ඇලජික්.ඇයි එයා මට කියනවනෙ,'මේ දූ හැමදෑම එකම ප්‍රමාණෙ.ලොකුවෙන්නෙම නෑ' :/ 'ඉතින් ඔහෙට මොකෝ'..කිඅල අහන්න කටට එන වෙලාවල් නැත්තෙමත් නෑ ඉතින් මට.ආත්ම ගෞරවය කියන එක ‍රැක ගෙන ඉන්නව ඉතින් මම.මට නැති උනාට ගෙදර මිනිස්සුන්ට තියනවනෙ ඉතින් ඒක වැඩිපුරත් එක්ක...මම ලාවෙන් හිනා වෙලා අයෙ ගේ ඇතුළට අඩි මැන්නා.

අද නම් ටිකක් හොදයි වගේ,,බිල් පත් කිසිවක් නැ,,ම්ම්ම්ම්..රට ලියුමක්,තිබ්බෙ මගේ නමට.. :ඪ් පොඩි කාලෙ තිබ්බ පිස්සුවට මම ඉතින් සුද්දොන්ට ලියුම් ලිව්ව.එයින් එක්කෙනෙක්ගෙන්..ලන්දේසි කාරයෙක්..:/මට ඒක කියවන්න කිසි ඕනකමක් හිතට අවෙ නෑ :( ලියුම කනප්පුව උඩට විසිකරලා මම අයෙ මගේ කමරේට රිංග ගත්තෙ අර මෝඩ සමනලයගෙ ඉතිරි පිහා‍ටුව ඉවරයක් කරල දාන්න.ඒත් මට ඒකෙ පාට ගලප ගන්න තේරෙන්නෙම නෑ.මම ආයෙ නිල් අහස දිහා බලාගෙන හිටියා.ඒක හිස් බැල්මක් හරියට මූකලං බස්සෙක්ගෙ වගේ,,ඒත් මනසට සිතුවිලි ගලාගෙන අවෙ හරියට මහා ජල ගැල්මක් වගේ.....හ්ම්ම්ම්ම්... ::

 ඊයෙ වගේ වැහි වලාකුළක් ඇවිත් වැස්සක් වැටෙනව නම්...කොච්චර හොදයිද...මටත් පිස්සෙක් වගේ ඒ වැස්සට තෙමෙන්න තිබ්බ.හෙම්බිරිස්සව හැදෙන එක වෙනම කතාවක්,,ඒත් ඒක හරිම ශෝක්.. :) හචිං යනකොට කොත්තමල්ලි තම්බල දෙන්න අයත් ඉන්නවනෙ..:)ඒත් අද වැහි වලාකුල ඇත්තෙම නෑ වගේ..අහස හොදටම පැහදිලී.දිලිසෙන ලා නිල් පාටක් තියෙන්නෙ.අලු පාටට වඩා නිල් පාට හොදයිදත් මන්ද..කොච්චර බලාගෙන හිටියත් අද නම් වැස්සක් එන ලකුණක්වත් නෑ.ඊයෙ තිබ්බ වැහි වලාකුල ඈතටම ගිහින් වගේ..හ්ම්ම්ම්ම්ම්ම්


ඒත් ඉතින් අයෙ වහීවි :)
සම්පූර්ණ කතාව >>
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS