Powered by Blogger.
RSS

පටබැදීම


අප සෑම කෙනෙකුටම දෙමාපියන් විසින් හෝ අන් කිසිවකු විසින් හෝ තැබූ නමක් අප උප්පැන්න සහතිකයේ වෙයි.කල් යල් බලා නැකත් වේලාවන් සලකා උපන් මොහොතට අදාලව ගන පිහි‍ටුවා තම දරුවාට හොදම නමක් තැබීම හැම මවකගේම පියෙකුගේම අභිලාශය වෙයි.


ඒ කෙසේ වුවද,අප යමෙකු ඇමතීමට උප්පැන්න සහතිකයේ ඇති නම මෙන්ම වෙනත් විවිධ නම්ද යොදා ගන්නා අවස්ථා එමටය.යමෙක් කෙරේ ආදරයක් සිතුන විට 'පැටියා,සුදු පැටියා,චූටි පැටියා,පුංචා,සුදු පුංචා,පැංචා,පැංචී,රත්තරන්,බබා....'ආදී වූ නම් ප්‍රකට වන අතර කෙතරම් නොගැලපෙන අවස්ථා හමුවේ වුවද 'සුදූ,චූටී..' ආදී වූ නම් භාවිතයද අප බහුලව දකී.


යට කී නම් අපට යම් කිසි කාර්යයක් කිසිවෙකු ලවා චා‍ටුවෙන් ඉ‍ටු කරවා ගැනීමට ද උපකාරී වන අතර,කිසිවකු කෙරේ ක්‍රෝධයෙන් පසුවන කල්හි කටට එනුයේ වෙනම නම් ගොන්නකි.මා හට අදලව කිවහොත් සත්ව උද්‍යාන වල බහුලව දක්නට ලැබෙන 'ඉබ්බා,ගෙම්බා,අලියා,කොටියා,උගුඩුවා,බූරුවා,හිපපොටේමස්,ඇහැ‍ටුල්ලා,හැක‍රැල්ලා...'ආදී වූ සතුන්ගේ නම් මෙන්ම එහි සාමාන්‍යයෙන් දැකීමට දුලභ වන හෝ හපු‍ටුවා මෙන්ම හෝ හපු‍ටු කීටයා ද ඒ අතර වෙයි.මේ අතර 'නපුරා,දුශ්ටයා...'වැනි දෑ ද මෙයටම අදාල වේ.

ගෙම්බා



දරුවන් ක්‍රමයෙන් වැඩෙත්ම පාසැලේ දී මෙන්ම උසස් අධ්‍යාපනයේ දී පවා මෙම නම් පට බැදීම සිදුවෙයි.මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන මාහට ද ප්‍රාථමිකයේ දී ගුරුවරුන් අතර එක නමක් ද,මිතුරන් අතර තවත් නමක් ද මාගේ නියම නමට අමතරව භාවිතා වුණි.

විශ්ව විද්‍යාල වල දී මෙසේ පටබැදෙන්නා වූ නාමයන් 'කාර්ඩ්' ලෙස හදුන්වන අතර 'ඩප්පියා,පුල්ලේ,නිශාචර,ලංකෙම්,මාපිලා,හූනා,බිත්තරේ,බංකු.....' මා ශ්‍රවණය කරන ලද නම් අතරින් කිහිපයක් පමණි.

හූනා
මීට අමතරව නම් පට බැදීම සබැදිව මා හට මදක් විශේශිත වූ කතන්දරයක් පවසනු කැමැත්තෙමි.මෙය ඔබට රසවත් වේ දැයි මම නොදනිමි.රසවිදීම හෝ ඉවත දැමීම ඔබ සතුය.

බාලිකා පාසල්වල උගන්නා බහුතරයකට බාලක සහෘදයන් ඇසුරට ලැබෙන්නේ එහෙමත් වෙලාවක පමණි.එනිසා බොහෝ දෙනා එකිනෙකාගේ නියම නම් නොදන්නෝ වෙති.ටියුශන් පන්තියේ දී හෝ අසල්වාසීව හෝ වෙසෙන අතැමුන් පිලිබද රස කතන්දර හෝ විස්තර කිරීම් ආදියේ දී නියම නම් නොදන්නා හෙයින් සන්නිවේදන මාධ්‍යයක් ලෙස නම් පට බැදීම සිදු කරති.


මා කෙරේ ද මීට අදාලව අත්දැකීම් පවතින බව කිව යුතුය.මා විසින් අසා දැක තිබෙන පටබැදි නාමයන්ගෙන් අතලොස්සක් ඔබ හට ගෙන ඒමට කැමත්තෙමි.අතලොස්සක් යැයි හදුන්වාදීමටද හේතු ඇත.මන්ද යත්,මා හට බොහෝ නම් දැන් අමතකව ගොස්ව ඇති සැටියකි.

ලන්දු,මා හට ඉතා හොදින් මතක නමකි.හැඩරුවද නමටම ගැලපේ යැයි කිව යුතු වෙයි.ඔහු ඉතා පැහපත්ය.ගමන ලතාවකටය.ලන්දූගේ යහලුවා බින්දූ ය.බින්දූ යැයි පවසීමට හේතු කරුණු කාරණා මා හරි හැටි නොදනී.නමුත්,ලන්දු යන්න සමග එලි සමය මොනවට ‍රැකෙනා බැවින් විය යුතු යැයි මම උපකල්පනය කරමි.

පොඩි ඩයල්,පොඩිය.හීන්දෑරිය.ගමන සෙමෙන් වෙයි,බිමට හැරවුනු දෙනෙතින් යුතුව ගමන් කිරීම සිදු කරන අතර අහිංසක තැනැත්තෙක් වෙයි.ඔහුගේ මිත්‍රයා මලී ය.නමට ප්‍රස්තුත වූයේ කුමන කරුණක් දෝ යන්න මා හරි හැටි නොදනී.

බොකොට්ස් ගේ කොණ්ඩය බොකො‍ටුය.ඔහුගේ සගයා බිත්ති ඔරලෝසුව වෙයි.ඔහු සතුව ඉතා විශාල ප්‍රමාණයේ මුහුණතක් සහිත අත් ඔරලෝසුවක් වෙයි.

නම්බර් සික්ස්,එක්තරා සුප්‍රසිද්ධ නගරයක සුප්‍රසිද්ධ වීථියක නොම්මර හය නිවසේ පදිංචි කරුවෙකු වේ.


මේසේ පටබදි නාමයන් අතර  ඩබල් එක්ස් එල්,ඔටූ,කොට මිටි ඩයල්,සද කැලුම්,වීර මද්දුම බණ්ඩාර,චෙක් කො‍ටු කො‍ටු,මොංගල් බ්‍රයිට්,ස්වීට් පොර පැටියා,නරා,ගිබූ,ජින්ජර්,සාසන්,ලාසන් හා දාසන්,පිජන්,පීපිංග් තෲ,වෝල් හැංගර්,ග්‍රේට් වෝල්,පිපී.... මෙන්ම කොණ්ඩයා ද අමතක කල නොහැක.


පින්වන්ත වන් හා පින්වන්ත ටූ ද මගේ මතකයේ වෙයි.පින්වන්ත වන් ඉතා ශාන්ත බවක් පෙන්නුම් කරන්නෙකි.පින්වන්ත ටූ නම් මා කිසි දාක දැක තිබුනේ නැත.

වාත්තු ගැන ද කිව යුතුය.ඔහුගේ රුව වාත්තු කල සේ වේ යයි දිනක් කිසිවකු පැවසූ අතර එදා පටන් ඔහු 'වාත්තු' නම් විය.සැබෑවටම කියතොත් ඔහු ජේත්තු කාරයෙක් පමණක්ය යන්න මා සතු හැගීම වෙයි.


කෙසේ හෝ මෙම නම් පටබැදීම කිසිවකු අපහසුතාවයට පත් කිරීමට හෝ,කිසිවකුට අපහාස කිරීමට භවිතා වූ දෙයකැයි මා නොදකී.හුදෙක් එකිනෙකා පිලිබද ඕපා දූපා දෙඩැවීමේ පහසුව තකා භාවිතා වූ දෙයකැයි යන්න මා සතු හැගීම වෙයි.ඔබ කෙරේ මේ පිලිබදව අති දැක්ම මා නොදනී.නමුත් මා ප්‍රත්‍යක්ශව දන්නා එක් කරුණක් වෙයි.ඒ මෙය ලියනා මා හට මෙන්ම මෙය කියවනා ඔබ හටද,අප දන්නා හෝ නොදන්නා කිසිවකු නමක් පටබැද තිබෙනවා වන්නට පුළුවන.


Related Posts Plugin for WordPress, Blogger...
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

6 දෙනෙක් අදහස් කියලා:

හිරූ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කවුද ඒතකොට ෂාරුක් කාන් කියන්නෙ...

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

heheee...අනේ මන්දා කව්ද දන්නේ..

Yasith Gamage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආ ආ.... ඔන්න දැං තමයි කෙල්ලගෙ හොර අහුවෙන්නෙ ... හිහි

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හි හි :D

Gihan Katupitiya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

1k godaak janapriya welaah needa??

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hehe kawda eka mata pata bande ah... :D

Post a Comment