Powered by Blogger.
RSS

පෙති පාන්

උපන් දා  පටන් අද දක්වාම මා වැඩිමනක් සිදු කර ඇත්තේ ගොන් වැඩ,බූරු වැඩ නොහොත් මැටි වැඩය.නුවණති වැඩක් මා අතින් සිදු වන්නේ එහෙමත් වෙලාවක පමණි.මෙයත් මා සිදුකල බූරු වැඩක් පිලිබද "රස"සටහනකි.මවිසින්ම "රස" යැයි පවසා ගත්ත ද එය ඔබට රසවත් වේ  දැයි මම නොදනිමි.හුදෙක් ස්ව තෘප්තිය  උදෙසා සටහන් තබමි.

එදින පැහැදිලි දිනයක් විය.විටින් විට හමා යන සුළග විසින් ගස් සොලවනා හඩ විනා හාත් පස නිහැඩි බව ගැවසී ගත්තක් විය.සුපුරුදු පරිදි උදෑසන සමය අලසව අනුභව කර දැමූ මා හට පෙ.ව.11 කණිසම පමණ වන විට මගේ බඩ පණු විශේශයන් කිසියම් අරගලයෙක නිරත වන බැව් සැල විණ.හුදෙක් ඔවුන් හට යුක්තිය සාධාරණය ඉ‍ටු කරනු වස් මා මාගේ අලස දෙපා මුළුතැන් කාමරය වෙත ක්‍රියා කැරවීමි.
මා සුරත සෙමෙන් ශීතකරන පෙට්ටිය වෙත ලං විය.දෑස් වේගයෙන් එහා මෙහා ගෙන ගිය ද කෑමට මා සිත් ගත් කිසිවක් නෙත නොගැටිණි.

කෑමට රුචි යමක් කෙරේ චිත්ත ඒකාග්‍රතාවයෙන් විමසූ මා හට එක් වනම සිහියට ආවේ තඩි කිරි වීදුරුවක් තුළ නිදහසේ පාවී පෙගී ගොස් මා මුඛ කුහරය තුලින් අන්නශ්‍රෝතය ඔස්සේ ගොස් ආමාශ ගත වන පාන් පෙත්තක් පිලිබදවය.
පාන් සොයා යාමේ ඒකායන පරමාර්ථය පෙරදරිව මාගේ දුප්පත් මුදල් පසුම්බිය ද ‍රැගෙන මම නිවසින් එළියට බටෙමි.වැරෙන්ඩාවේ දමා තිබූ ස්කූටර රථය පණ ගැන් වූ මා පෙති පාන් සොයා කඩ සාප්පු සැලකිය යුතු ප්‍රමාණයක් පසු කල ද ඒ සියල්ලෙහි දී මා ලද එකම පිලිතුර වූයේ "ස්ලයිස්ඩ් එක නම් නෑ.." යන්න පමණි.උත්සාහය එසේ ලෙහෙසියෙන්ම අත් නොහැරි මා තව මද දුරක් ගොස් බලනවා යැයි සිතා 'නා ගස් හන්දිය'දෙසට ගමන් කලෙමි.
පාන් සොයා ගැනීමේ අරමුණ විනා අන් කිසිවක් මට සිහියට ආවේ නැත.හන්දියට මද දුරක් තබා එක් වරම දු‍ටු දසුනින් මාගේ රුධිර සංසරණය නතර වුණි.හද ගැස්ම ද නතර වූ සැටියකි.දෙ අත් වෙව්ලන්නට විය.දෙපා පණ රහිතව ගොස් ඇත.....ඒ කාකි ඇදුම් ඇගලා ගත් පොලිස් අයියලා දෙදෙනෙකි :O  
මට ආපසු හැරී දුවන්නට ඕනෑ විය :( මම බයිසිකලය පාරේ අයිනකට කර නතර කලේ අනිච්ඡානුකවය.හන්දිය දෙසට ධාවනය කල මා එක් වනම බයිසිකලය පාරේ දමා යනු දු‍ටු එක් පොලිස් නිලධර තැනක් "මෙහෙ එන්න.." යැයි මට අත වැනීය.මට උන් හිටි තැන් පවා අමතක විය.මා ඒ අසලම වූ නිවෙසක ගේට්‍ටුවක් තුලින් ගොස් නිවස ඇතුළට රිංගා ගතිමි.
මාගේ අනපේක්ශිත අනවසර ඇතුලුවීම පිලිබදව නිවැසියන් තැති ගැන්මෙන් මෙන් බලා සිටියෝය.."බුදු අම්මෝ..මෙන්නෝ..හොරෙක් හොරෙක්...."යැයි බෙරිහන් දී මාගේ කශේරුකාව කඩා දැමීමට ප්‍රථම මම මාගේ හඩ අවදි කලෙමි.

"පොලිසියෙන්..අනේ මට ලයිසන් නැහැ" මා සතු වචන ප්‍රමාණය වූයේ එපමණකි.මා පැවසූ දෙයට එහි වූවන්ට සිනා පහල වන්නට ඇති බැව් මට සිතුනේ පසුවය. :(

මොහතකට සියල්ල නිහඩ විය.මාගේ අසරණ ආයාචනාත්මක දෙනෙත් දු‍ටු එහි සිටි එක් අයෙකුගේ හද කම්පාවට පත් විය.
"යමු එහෙනම් මොනව හරි කරන්න පුලුවන් ද බලන්න"ඔහු පෙරමුන ගත්තේය.මමද ඔහු පසු පසින් ගොලුබෙලි ගමනින් ගමන් කලෙමි

"කොහෙද දුවන්නෙ?කතා කලාම එන්න දන්නෙ නද්ද?අපි යක්කු කියල හිතුවද දක්ක ගමන් බයවෙලා දුවන්නෙ?" මා දෙස ඔරවා බැලූ එක් පොලිස් භටයෙක් ගුගුලේ මා හතර වන තට්‍ටුවට ‍රැගෙන යාමට තරම් වරදක් ක ඇති සැටියෙනි :( මගේ දෙනෙත් කදුලෙන් තෙත් විය.ආයේ නම් බයිසිකලයක පි‍ටුපසකවත් ගමන් නොකරන බැව් තරයේම සිතට ගතිමි :(

"ලයිසන් තියෙනව ද?" අනෙකාගේ ස්වරය මෘදු විය.
"නෑ..."යන්න පමනක් පවසා මා බිම බලා ගෙන දකුණු කකුලෙන් පොලව කණින්නට වීමි. 

"ගන්න බයිසිකලේ ලයිසන් ඉන්සූරන්ස්.කරන්න දෙයක් නෑ අපිට ලියන්ඩ වෙනව" මට හඩන්නට ඕනෑ විය.අහෝ..මා ගෙන ගොස් හිර කූඩුවේ දමාවිද?දම් වැල් වලින් උඩ එල්ලා පහර දේවි ද?මා හිර කූඩුවක කම්බි කූරු අතරින් කදුලු පිරි දෙනෙතින් බලා සිටින අයුරුද..එහා පත්තේ සිටින අම්මා "අනේ බබා....."යනුවෙන් කෑ ගසා හඩන අයුරුද මට මැවී පෙනුණි.
"කීයක් හරි දුන්නනම් ශේප් වෙන්ඩත් තිබුණ හැබැයි" මගේ සිතිවිලි බිදී ගියේ මා සමග උදව්වට පමිණි පුද්ගලයාගේ කට හඩිනි..දඩ ගෙවීමටත්,පගාව දීමටත්,,පාන් මිලදී ගැනීමටත් මා සතුව ඇත්තේ එකම රුපියල් එකසිය පනහකි. :(

ඔවුන් සිටි තැනින් මදක් මෙහාට විත් මම නිවසට දුරකතන ඇමතුමක් ගත්තෙමි.
"හලෝ" මට හැඩුණි.
"ඇයි මේ?"ඒ අක්කගේ කටහඩය.
"මාව පොලිසියෙන් අල්ල ගත්ත.හන්දියේ දි"මම ඉකි ගසන්නට විය.
"ම්ම්..අයියවත් ගෙදර නෑනෙ.බය නැතුව චුට්ටක් ඉන්න පැටියෝ.මම ඉක්මණින් එන්නම්"

ටීක්.......දුරකතනය විසන්දි විය.

මොහොතකින් පැවසූ පරිදිම අක්කා පැමිණියාය.
මම ඇය සමග පොලිස් භටයින් දෙදෙනා ලගට ගොස් හොර පූසෙකු මෙන් ඇය පි‍ටුපස සැගව කදුලු පිස්සෙමි.
"අනේ රාළහාමි මේ නංගි පුරුදු වෙන්න කියලනේ බයිසිකලෙත් ඇරන් කාටත් නොකිය තනියම ඇවිත් තියෙන්නෙ.ආයෙ එහෙම වෙන එකක් නැහැ.අදට විතරක් පොඩි සමාවක් දෙන්න" අක්කා මා දෙසද රාළහාමිලා දෙන්නා දෙස ද මාරුවෙන් මාරුවට බලමින් කියාගෙන ගියාය.

හිස හරවා මදක් මා දෙස බැලූ එක් අයෙක්;
"මොකද ඔය අඩනවද?පන්ඩිත වැඩක්නේ කරල තියෙන්නෙ..අනිත් දවසෙ ලයිසන් ගන්නකල් තනියම එන්නෙ නෑ හරිද?"
මම යාන්තමට හිස සැලීමි.

ඔහු මා දෙස නැවත වරක් ඔරවා බලා කිසිවක් නොකියා ලයිසන් ඉන්සූරන්ස් අක්කා අත තබා 'දැන් යන්න' යැයි ඉගි කලේය.

  -නිමි-


(සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන ලද්දකි)

පසුව ලියමි-මේ සිදු වීමෙන් පසුව සති කිහිපයක් යන තුරුම මම නා ගහ හන්දිය දෙසවත් හැරී නොබලුව බවද සදහන් කරනු කැමත්තෙමි.




Related Posts Plugin for WordPress, Blogger...
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 දෙනෙක් අදහස් කියලා:

කියාගන්න බෑ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය ලයිසන් කියන කාඩ් කෑල්ල නම් මාර අපලයක් තමයි තියෙන වෙලාවට ඉල්ලන්නේ නෑ අමතක උන වෙලාවට ඉල්ලනවා. එක සැරයක් ඔය කාඩ් කෑල්ල නැති වෙලා පන බයේ ගමනක් ගිහින් ආවේ :/

YASITH (dot) NET said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඊට පස්සෙ හමුදාවෙන් ඇවිත් වෙඩි තියල, නා ගහ කපල පල්ලියක් හදල ඇන්කර් පිටි පොවල පොලිස් කාරයො දෙන්න මැරුවලු...

අර ඔයාගෙ සුදු නංඟි එක්කනි ගියා නම් හරිනෙ ;)

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ කියාගන්න බෑ...අනේ ද කියන්නෙ :(
@යසිත්..හෙ හේ..ඒකව එක්කරගෙන ගියා නම් එහෙම තුන් මාසයක් කූඩුවෙ දාවි :O

Nishadi kankanam Durage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

minissunta moda wada wena eke seemawak thinawa halo... bt oyage seemawa artha dakwenne ananthayedi.... :D

Post a Comment