Powered by Blogger.
RSS

රුපියල් විස්ස

එදා අගහරුදාවක් විය.උදේ පටන් නොකඩවා ඇද හැලෙනා එහෙටත් නැති මෙහෙටත් නැති හිරිකඩ වැස්ස මුලු පලාතම පොගවා දමා තිබුනි.මා මාගේ ලොකු සහෝදර තැන සමග ඔහුගේ අලුතෙන් ඉදිවන නිවසේ සිට මා නිවස කරා පැමිණෙමින් සිටියෙමි.මද්දහන දෙකේ කණිසම පසු වී තිබුණ ද අදුර හාත්පස වෙලා තිබුණි.


"ට්‍රීං ට්‍රීං " අයියාගේ ජංගම දුරකතනය හඩන්නට විණ. 


"ම්ම්ම්ම්... ඕකේ..මම ඉක්මණින් එන්නම්"
ඔහුගේ හඩ මදක් කලබල කාරී විය..

"මෙතනින් මම ඔයාව බස් එකට දාන්නම්,,යන්න පුලුවණිනෙ..එහෙනම් ගිහින් කෝල් එකක් දෙන්න" 

මා වාහනයෙන් එලියට විසි වුණි.වාහනය හරවා හීයක වේගයෙන් ඉගිලී යන දෙස මා බලා සිටියේ අවිනිශ්චිත දෑසිනි :'( මා වැස්සේ නිරුදක විය.බසයක් කරා හෙමිහිට පිය නැගූ මට මුදල් සිහියට ආවේ එක්වනමය. :O



අයියාට මට මුදල් දීමට අමතක විය.මට ද ඒ වගක් මතක් වූයේම නැත.මා කලිසම් සාක්කු වේගයෙන් පිරික්සන්නට විය.දෙවියන්ට පින් සිදු වේවා!!!එහි තිබී මට හමු වූයේ රුපියල් විස්සේ කඩදාසියකි.කලිසම සේදීමේදී එයද සේදී ඉරීයාමට ඉතා ආසන්නව තිබුණි..කෙසේ නමුත් එවෙලෙහි එය මට මහමෙරක් විය.මා එය පිටතට ගෙන එදෙස මහත් ආදරයෙන් බැලීමි.බසය පිටත් වීමට සුලු මොහොතක් තිබූ බැවින් මම එය යලිත් සාක්කුව තුල සගවා ගත්තෙමි.
රියදුරු තෙමේ එන්ජින් පෙට්ටිය හරහා පැන තම අසුනේ වාඩි විය.බසය පිටත් වීමට සූදනම් බව දන්වීමට මෙන් නලාවද කිහිප වරක් හැඩ වීය..බසය පිටත් වීමට සූදානම් බැව් සැල වුනු මගීන් වහ වහා බසයට ගොඩවන්නට විය.
කොන්දොස්තර මාමා ද තම ටිකට් පොත ද ‍රැගෙන ටිකට් කැඩීම ඇරබීය.මම ද හරි බරි ගැසී මා සතු එකම වස්තුව වූ රුපියල් විස්සේ නෝට්‍ටුව සාක්කුවෙන් එලියට ඇද්දෙමි...අහෝ ඛේදයකි..සාක්කුවෙන් එලියට ආවේ දෙකඩ වීමට ඔන්න මෙන්න තිබූ විස්සේනෝට්‍ටුවකි.මා ලග තවත් කිසිදු මුදලක් නැත.තිබූ එකම මුදලද ඉරී ගොස් ඇත.මා නිරුත්තර විය.හැඩුම් ඒමට ඔන්න මෙන්නය...වටපිට බැලීමි.බසයේ අදුනන අයෙකුගේ සේයාවක් හෝ නැත.කොන්දොස්තර තෙමේ කෙමෙන් කෙමෙන් මා ලගට පැමිණෙයි.මගේ හදවත වේගයෙන් ගැහෙයි.දාඩිය බිදු දෙකන් හරහා රූරා වැටෙයි.මම මා සතු මුදල් නෝට්‍ටුව තුනට හතරට නැමුවෙමි...


"කොහෙටද?" මා දෙසවත් නොබැලූ කොන්දොස්තර මාමාගේ කටහඩ දැඩි විය.

"3 කනුව ලගට එකයි"මම ඇගිල්ල උරුක් කොට පෙන් වූයේ හතරට පහට නැමූ ඉරීගිය නූට්‍ටුව ඔහු  වෙත දිගු කරමිණි.

අහක බලාගෙනම සල්ලි කොලය ගත් ඔහු මට ටිකට් පත දුන්නේ මා සිටි අසුනේම වාඩි ගෙන සිටි අනෙක් කාන්තාවගෙන්ද මුදල් ගන්නා අතරතුරමය..මට නැවත ඉතිරි කාසි ද අනෙක් කාන්තාවට ටිකට් පත ද දී ඔහු මුදල් නෝට්‍ටු දිග හරින්නට විය.

මගේ හද ගැහෙන හඩ මටම ඇසුණි..මාගේ ඉරී ගිය රුපියල් විස්ස දු‍ටු විට කුමක් නම් කියාවිද? මට හඩන්නට ඕනෑ විය :'(


"මේ මොකක්ද මේ දීල තියෙන්නෙ.මේක දෙකටම ඉරිලනේ" කොන්දොස්තර යක්සාවේශ වී සිටියේය..ඔහුගේ රතුම රතු එලියට නෙරීමට ඔන්න මෙන්න තිබූ ඇස් මට ඉදුණු ගොරකා ගෙඩි සිහිකලේය.බසයේ අනෙක් සැවොමගේ නෙත් අප අසුන වෙත යොමු වී තිබුණි.මගේ උගුරේ යමක් හිර වූවාක් මෙණි.මා අත වෙන මුදල් නැති බව පැවසීමට කතා කිරීමට අවශ්‍ය නමුදු එකදු වචනයක් හෝ එලියට නො ආවේය.

කෙසේ හෝ මා වචන ගැලපීමට වෙර දරත්ම මා අසල සිටි කාන්තාව එක්වරම කතා කරන්නට විය."ඕකට ඔච්චර බෙරිහන් දෙන්න ඕනෙද..මම දෙනකොට ඕක ඉරිල තිබ්බෙ නෑ ඔහේ අතිනුයි ඉරෙන්ඩ ඇත්තෙ.................................."
ඇය කියාගෙන කියාගෙන ගියේය. 

"මගෙ අතින් කොහොම ඉරෙන්නද,,ඕක හොදටෝම දිය වෙලා..ඔහේ හෝදලද සල්ලි පාවිච්චි කරන්නෙ?....." කොන්දොස්තරද ඇයට දෙවැනි වූයේ නැත.

"රුපියල් විස්සකට කට ඔච්චර බෙරිහන් දෙන්නෙ?..ආ මෙන්න ගන්නව මේක" ..............




ප්‍රශ්නය ඒ දෙදෙනා බෙදාගෙන හමාරය.මා නිසා තවකෙකු පොර බදයි.සතු‍ටු වීමට කරුණක් නොවූ නමුදු එයින් මම සැනසීමක් ලැබීමි.කිසිවක් නොකියා නිවෙස අසලදී සීනුව නාද කොට මම බසයෙන් බැසගත්තෙමි. 



(සත්‍ය කතාවක් ඇසුරෙනි :) )

Related Posts Plugin for WordPress, Blogger...
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 දෙනෙක් අදහස් කියලා:

YASITH (dot) NET said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔහොම්මමයි... ඔක්කොම වලිය සෙට් කරල අන්තිමට උන් දෙන්න කෙල ගන්නවා.. ඔයා ශේප් වෙනවා :(

සුරංඟනාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hapoi :(

kalani prathibha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Ane wasanawan

රතීගේ දිනපොත said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙම එකක් වුනාම අපිටම අපි ගැන කණගාටුවක් ඇතිවෙනවා. ගන්න තියෙන දේ මිසක් කොන්දොස්තරල අපිට දෙන්න තියෙන ඒව ගැන වගක් උන්ට නෑ.

Post a Comment