පොල් අතු වහලයෙන් හීනියට බේරෙන හිරු කිරණ මට පෙනුනේ වෙනදාට වඩා ලා පැහැයෙනි.හිරු එලියේ සැර අද ටිකක් අඩු වී ඇති සැටියකි.අහසද වෙනදාට වඩා අදුරු ය.වැහි ලිහිණියො පේලියක් අහසෙ රටා මවන්නට ද පටන් ගති.මා ඒ දෙස බලා උන්නේ ඉමහත් ආශාවෙනි.
මම හෙමින් සීරුවට ගොස් එලිපත්ත උඩ වාඩි ගත්මි.අහස දෙස මද වේලාවක් බලා සිටි මගේ දැහන බිදුණේ අම්මාගේ කට හඩිනි.'පොඩ්ඩියේ,අද නම් වැස්සක් එන්ට වාගෙ,කෝකටත් කියල ඔයි වී පදුර ගෙට ගනින්'
මම කිසිවක් නොකියා මිදුලට බැස්සේ අව්වේ වේලෙන්නට දමා තිබූ වී පැදුර ගෙතුලට ගැනීමටය.උදෑසන තිබූ ලා නිල් අහස් කුස සම්පූර්ණයෙන්ම පාහේ අදුරු යෝධ වැහි වලාකුලක් විසින් අරක් ගෙන තිබුණි.මේ හැම පෙරනිමිත්තක්ම කීවේ වැස්සක් ලග එන බැව්ය.ඒ බැව් වටහා ගත් මා සිත හීනියට රිදුම් දෙන්නට විය.
මාස ගණනකින් වැහි දියේ සලකුණකද නොදුටු මහ පොලොවට නම් වැස්ස ආශිර්වාදයක්ම වනු නිසැකය.අප්පච්චීගේ හේන් කන්න දෙකකින් හරිහැටි වගා නොකෙරුනේ හරිහමන් වැස්සක් නැති නිසාවෙනි.මා සිට වූ රෝස ගස් පවා වැස්සට කැමති වනු බැව් නිසැකය.මා තුලද හීනි වැස්සකට කැමත්තක් තිබුනද කලින් වතාවක දී ඇදහලුනු වැස්සෙන් ඇති වූ ගං වතුරකින් සිදු වූ විපත මා සිතට තවමත් වද දෙයි.එනිසා හීනි පොදක් හෝ වැටෙනා විට මා සිත බියක් දක්වයි.
වී පැදුර අමාරුවෙන් තනිවම ගෙතුළට ඇදගෙන ගිය මම,වහලයේ සිදුරු අතරින් ගෙතුලට වතුර බේරෙන තැන් සදහා ජලය එක් රැස් වීමට භාජන තැබීමි.අම්මා ද වැස්සට හොදින්ම සූදානම් වන බැව් පෙනුණි.'වැහි වැටුණොත් මේ කන්නෙදි වත් වගාව හොද වෙයි'අම්මා තනිවම මුමුණනු ඇසුණි.එලිපත්තේ වාඩි වී හිද මල්ලී මගේ සටහන් පොතක කොල කඩමින් කඩදාසි ඔරු සාදයි.කිසිවකුට හෝ පෙර වූ විපත මතකයේ නැති සැටියකි.එහෙත් මා සිත පමණක් තවමත් පීඩා විදින්නේ කුමක් නිසා ද යන්න හරි හැටි නොදනිමි..වැස්ස යන්නට මා සිත තුල ඇත්තේ වටහා නොගත හැකි බියජනක අරුතකි.
'මෙහෙ දෙනව,මගේ පොත නාස්තිකාරයා'මම මල්ලිගේ අතින් පොත උදුරාගෙන ගේ තුලට රිංගා ගතිමි.මල්ලී අඩාගෙන කුස්සියට දිව්වේ අම්මාට නඩුව කීමට බැව් දනිමි..
අබලන් වූ ජනෙල් කවුලුව තුලින් මා ඉවත බලාගෙන උන්නේ දෙගිඩියාවෙනි.සිතුවිලි සයුරක මා ගිලෙන්නට විය.එදා ජල ගැල්මෙන් අසරණව උන් හැටි මා සිත තිගස්සවයි.මා දෑස කදුලින් තෙත් වීමට වැඩි වේලා ගත නොවුණි..විනාඩියක් දෙකක් නොව පැය කිහිපයක්ම මම කදුලින් බර වූ නෙත් ඇතිව බලා හුන් අත බලා සිටින්නට ඇත.මා නැවත පිබිදුණේ අම්මාගේ හඩිනි'පොඩ්ඩියේ...පොඩ්ඩියේ.කෝ මේ ලමය' 'ඇයි අම්මේ'මම කෑ ගසීමි. 'වී පැදුර අයෙ අව්වට දාපං,වහින එකක් නෑ'
මම විගසින් එලියට දිව්වෙමි.අහස දෙස බැලුවෙමි.අම්මා පැවසූවේ සැබෑවක්මය.වැහි වලාකුළ පෙනෙන තෙක් මානයක හෝ නැත.වැහි නොදී එය ඈතටම ගොස්ය.ඈතටම..මා මුවට සියුම් සිනාවක් අවේ නොදනුවත්වමය.එහෙත් ඒ සිනාව අතර දැරීමට අපහසු දුකක්ද නොතිබුනාමත් නොවෙයි.
7 දෙනෙක් අදහස් කියලා:
ඕක කාටත් පොදු දෙයක් වැස්සත් වැරදියි වැස්සේ නැතත් වැරදියි. ග්රීෂ්ම කාලෙට රස්නේ වැඩියි කියනවා සීත කාලෙට සිතල වැඩියි කියනවා. :)
hmmmmm nice :)
@ කියාගන්න බෑ..ඒක සැබැයි :) @anja..thanx
වැස්සොත් පොල් අතු ගේ තෙමෙයි - නොවැස්සොත් තාත්තගෙ හේන පාළු වෙයි..
මේ ලෝකෙ හැම දේකම හොඳ හා නරක දෙවිදියක් තියෙනව අක්කෙ..
හ්ම්ම්ම්...ඒක තමා මල්ලී :(
කෝ... මොකද මේක දැං පාලුවට ගිහිල්ලා ????????
Post a Comment